සෙසමි ස්ට්රීට් නම් ප්රකට ළමා වැඩසටහනෙහි චරිත දෙකක් වන බර්ට් සහ අර්නි හොඳ මිතුරන් විනා සමකාමී චරිත නොවන බව එහි නිෂ්පාදන ආයතනය ප්රකාශ කර තිබේ.
ඔවුන් එසේ නිවේදනය කර ඇත්තේ එම වැඩසටහන් රචකයෙක් විසින් සිදු කරන ලද අදහස් දැක්වීමක් අනුව ය.
එකම කාමරයක් බෙදා ගන්නා යුවලක් පිළිබඳ තමන්ගේ ලිවිම සිනමා සංස්කාරකවරයෙක් වන ආර්නෝල්ඩ් ග්ලාස්මන් සමඟ පැවති සබඳතාවය පාදක කරගනිමින් සිදු වූවක් යැයි මාක් සෝල්ට්ස්මන් පවසා තිබුණි.
කෙසේ වෙතත් සෙසමි ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ “එම චරිත අතර ලිංගික සම්බන්ධතාවයක් නොවන” බව යි.
“බර්ට් සහ අර්නි මිනිස්සු වගේ පෙනුනත් ඔවුන් රූකඩ”
“මිනිසුන්ගේ චරිත එකිනෙකට විවිධාකාර වුණත් ඔවුන්ට හොඳ මිතුරන් විය හැකි බව පෙර පාසල් දරුවන්ට උගන්වන්න තමයි බර්ට් සහ අර්නි නිර්මාණය කෙරුණේ,” යැයි වැඩිදුරටත් ඔවුන් පවසා තිබේ.