පුරෝගාමී කළු ජාතික බැලේ නර්තන ශිල්පියෙක් වූ ආතර් මිචෙල් අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමරිකාවේ නිව්යෝක් නුවරදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 84 කි.
ඔහු 50-60 දශක වලදී නිව්යෝක් නුවර බැලේ කණ්ඩායමේ සිටි වඩාත් ප්‍රකට නැට්ටුවෙක් විය.
එසේම ජාත්‍යන්තර මට්ටමේ නර්තන ශිල්පියෙක් ලෙස විරුදාවලිය ලත් ප්‍රථම කළු ජාතිකයා ඔහු ය.
අප්‍රිකානු-ඇමරිකානු ජාතික මේ නර්තන ශිල්පියා 1969 දී කැරල් ශුක් සමඟින් එක්වී “හාලෙම්” නර්තන පාසල ආරම්භ කරන ලදී.
තමන් අත්කරගත් විශිෂ්ඨතම ජයග්‍රහණය ලෙස මිචෙල් ප්‍රකාශ කර ඇත්තේ කළු ජාතිකයන් බැලේ නර්තනයට හඳුන්වා දීම ය.