නොබෙල් විකල්ප සාහිත්‍ය සම්මානයේ අවසන් වටය සඳහා නිර්දේශ වී සිටින ලෝක ප්‍රකට ජපන් ලේඛක හරුකි මුරකාමි එකී නිර්දේශය ඉවත් කරන මෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.
සාහිත්‍යකරණය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දීමේ අරමුණ සහිතව ඔහු මෙම ඉල්ලීම සිදු කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් නව ඇකඩමිය පවසයි.
අවසන් නිර්දේශ අතරට පැමිණීමට හැකිවීම තමන්ට ගෞරවයක් බවත් මාධ්‍ය අවධානයට ලක් නොවී ඉදිරි සාහිත්‍ය කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අදහස් කරන බවත් හරුකි මුරකාමි පවසා ඇත.
නොබෙල් සම්මානය ලබාදෙන ස්වීඩන් ඇකඩමියේ සිදු වූ සදාචාර විරෝධී සිදුවීමක් හේතුවෙන් එය ලබාදීම අත්හිටුවීම නිසා නව ඇකඩමිය විසින් මෙම විකල්ප සම්මානය ලබාදීමට සැලසුම් කරන ලදී.
ඒ අනුව එහි අවසන් වටයට නිර්දේශිත අනෙකුත් කතුවරුන් වන්නේ බ්‍රිතාන්‍ය ලේඛක නීල් ගේමන්, ගුආඩලූප් ලේඛක මරිස් කොන්ද් සහ කැනේඩියානු ලේඛක කිම් තුයි යන සිව් දෙනා ය.
විශේෂිත ජූරි සභාවක් විසින් ලබා දෙන අවසන් තීරණය ඔක්තෝබර් 21 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.