චීන ජාතික සුපිරි රංගන ශිල්පිනි ෆැන් බින්බින් හට යුවාන් මිලියන 883 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි.
බදු ගෙවීම පැහැර හැරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් වෙනුවෙන් ඇයට මෙම දඩ මුදල නියම වූ බව 3 බදාදා නිවේදනයක් නිකුත් කරමින් චීන රජය පවසා තිබේ.
පසුගිය ජුලි මස සිට මේ වනතෙක් අතුරුදහන්ව සිටි ඇය අද දින (3) සමාව අයැදිමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දීර්ඝ සටහනක් පළ කර ඇත.
“මම මේ වනවිට ලොකු වේදනාවක් විඳිමින් සිටින්නේ. මම සිදු කළ දේ ගැන මට ලැජ්ජයි. මම ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.”
චීනයේ වැඩිම ආදායම් ලාභී රංගන ශිල්පිනියක් ලෙස සැලකෙන ෆැන් බින්බින් නියමිත වෙලාවට දඩ මුදල ගෙවා නිමකළහොත් ඇය සාපරාධි චෝදනා වලින් නිදහස් වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
37 හැවිරිදි මෙම රංගන ශිල්පිනිය ද එක්ස් මෙන්, අයන් මෑන් වැනි සිනමාපට වෙනුවෙන් ද සිය රංගන දායකත්වය සපයා තිබේ.