අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පී රොනී ලීච්ගේ අවසන් කටයුතු ඔක්තෝබර් 11 වැනිදා ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.
ඕස්ට්‍රේලියාවේ සිටියදී ඇතිවූ හෘදයාබාධ තත්වයක් නිසා දිවියෙන් සමුගත් රොනී ලීච්ගේ දේහය 10 බදාදා මෙරටට ගෙන ඒමට කටයුතු සුදානම් කොට ඇතැයි ගායක ගායිකා සංගමය පවසයි.
එම සංගම් සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවල් ප්‍රකාශ කරන පරිදි ඔහුගේ දේහය එදින සවස 6.30 සිට රාත්‍රී 10 දක්වාත් ඊට පසුදින (11) උදැසන 8 සිට දහවල් 2 දක්වාත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා තැම්පත් කර තබනු ඇත.
11 බ්‍රහස්පතින්දා සවස 2 ට ගල්කිස්ස ක්රයිස්ට් චර්ච් දේවස්ථානයට දේහය රැගෙන එන අතර දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව වැඩිදුරටත් ඔහු සඳහන් කරයි.