ශ්රී ලංකාවේ දැනට ප්රචාරය වන පැරණිතම වෙළඳ දැන්වීම් ගීතයක් ලෙස සැලකෙන “මංගල මුදු මාල වළලු” ගීතය සුප්රකට බොලිවුඩ් ගායක සෝනු නිගම් විසින් ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් මේ දිනවල සමාජ ජාල ඔස්සේ සැරිසරනවා.
මෙරට ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක ප්රචාරණ කටයුත්තක් සඳහා මෙරටට පැමිණි අවස්ථාවක දී යි ඔහු මෙම ගීතයේ කොටසක් ගායනා කර ඇත්තේ.
වෝග් ජුවලර්ස් සඳහා නිර්මාණය වූ පැරණි වෙළඳ දැන්වීම් ගීතයක් වන “මංගල මුදු මාල වළලු” ඒ අනුව ඔහු විසින් නැවත ගායනා කර ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි එම ආයතනයේ ප්රධාන ප්රදර්ශනාගාරයට පැමිණි අවස්ථාවක දී ය.
කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කළ සහ ටී.එෆ්. ලතීෆ් විසින් සංගීතවත් කළ මෙම වෙළඳ දැන්වීමේ මුල් ගායනය ගායන ශිල්පිනි රූපා ඉන්දුමතී විසින් සිදු කරන ලදී. 1980 දශකයේ අග භාගයේ දී කලශුරි ලතා වල්පොල විසින් ද 2000 දශකයේ මුල් භාගයේ විශාරද නීලා වික්රමසිංහ විසින් ද පසුව එය ගායනා කරන ලදී.