අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය අවසන් ගෞරව දක්වනු ලැබුවා.
රටක් ආදරය කළ කලාකරුවාගේ දේහය තැන්පත් කර ඇති ජයරත්න පෞද්ගලික මල් ශාලාව වෙත අද (11) දහවල් පැමිණි ජනාධිපතිවරයා ඔහුගේ බිරිද, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත මෙන්ම රසික රසිකාවියන් වෙත ද සිය සාතිශය සංවේගය පළ කර තිබුණි.
ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී හදිසි හෘදයාබාධා තත්වයක් ඇතිවීමෙන් දිවියෙන් සමුගත් රොනී ලීච් මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.