හදිසි ගංවතුර තත්වයක් නිසා ආපදාවට ලක් වූ රෝල්ඩ් ඩාල් කෞතුකාගාරය නැවත විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
ලෝක ප්‍රකට බ්‍රිතාන්‍ය ගත් කතුවර රෝල්ඩ් ඩාල්ගේ උපන් ගම වන මහා මිසන්ඩෙන් ප්‍රදේශයට පසුගිය මැයි මසදී ගැලූ ගංවතුරෙන් සිදු වූ හානී පිළිසකර කිරීමට මෙම කෞතුකාගාරය වසා දැමීමට සිදු වුණි.
මැටිල්ඩා, චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි වැනි ළමුන් වඩාත් ප්‍රිය කළ කෘති ගණනාවක් රචනා කළ ඔහු 36 වසරක් මෙම ගම්මානයේ වාසය කළේය.
ගංවතුරෙන් කටුගෙට දැඩි හානියක් නොවුව ද ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වසා දැමුණු කාලසීමාවේදී පවුම් ලක්ෂ 5 ක අලාභයක් සිදුව ඇතැයි එහි පාලකයෝ පවසති.
රෝල්ඩ් ඩාල් කෞතුකාගාරය ඔක්තෝබර් 20 වැනිදා විවෘත කිරීමට නියමිත ය.