භාරත සිනමාවේ අන්මෝල් ගාඩි, අන්දාස්, සංගම් යුගයේ සිට සාජන්, දිල්වාලේ දුල්හනියා ලේ ජායන්ගේ, පරිනීතා දක්වා සිනමාගත පියානෝ සංගීතයේ මිහිරියාව ප්රේක්ෂකයන් විසින් රිසිසේ රස විඳ ඇත. එහෙත් අන්ධාධූන් පියානෝ වාදකයාගේ කතාව අපට ගෙන එන්නේ සිත නළවන කතාවක් නොවෙයි.
සිත භීතියෙන් අලළන කතා පුවතකි. ආකාශ් (ආයුෂ්මාන් කුරානා) අන්ධ පියානෝ වාදකයෙකි. ඔහුට සිය පෙම්වතිය (රාධිකා ආප්තේ) මුණ ගැසෙන්නේ ඇයගේ යතුරු පැදියේ ගැටීම නිසාය. ඇය බීමහල් හිමිකරුවකුගේ දියණිය වන අතර ඔහු ආකාශ්ට පියානෝවාදකයකු ලෙස රැකියාව ලබා දෙයි.
ආකාෂ් කඩිනමින් ප්රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙයි. ඔහුගේ සුවිශේෂී හැකියාව පැරැණි තරුවකවූ ප්රමෝද් සිංහගේ (අනිල් ධවාන්) සිත් දිනා ගන්නා අතර ඒ සිත් ගැනීම ආකාශ්ගේ ජීවිතයට නොසිතූ විරූ ලෙස බලපායි. මේ ශ්රී රාම් රාගවන්ගේ සිනමා නිර්මාණයකි.
රසඳුන