නොබෙල් සාහිත්‍ය සම්මානය වෙනුවට මෙවසරේදී පිරිනැමෙන විකල්ප සම්මානය තමන් සතු කරගැනීමට කැරිබියානු ලේඛිකා මරිස් කොන්ද් සමත් වී තිබේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් “තමන් ආඩම්බරයටත් සතුටටත්” පත් වන බව ගුආඩලූප් ජාතික 81 හැවිරිදි ලේඛිකාව ප්‍රකාශ කර ඇත.
ජපන් ලේඛක හරුකි මුරකමි, බ්‍රිතාන්‍ය ලේඛක නීල් ගේමන්, කැනේඩියානු ලේඛක කිම් තුයි විකල්ප සම්මානයේ අවසන් වටය සඳහා ඇය සමඟ නිර්දේශ ලත් අනෙකුත් සාහිත්‍යධරයින් වේ.
සාහිත්‍යකරණය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දීමේ අරමුණ ඇතිව ජපන් ලේඛක හරුකි මුරකමි පසුගිය මසදී ස්ව කැමැත්තෙන් සම්මාන නිර්දේශ වලින් ඉවත් විය.
එළඹෙන දෙසැම්බරයේ දී පැවත්වීමට නියමිත සම්මාන ප්‍රධාන උළලේදී මරිස් කොන්ද් වෙත පවුම් අසූ හත් දහසක් වටිනා මුල්‍යමය ත්‍යාගය පිරිනැමෙනු ඇත.
Desirada සහ Segu ඇතුළු නවකතා 20 කට අධික ප්‍රමාණයක් මරිස් ලියා තිබේ.