මෑන් බුකර් සම්මානය අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් දිනයි
මෙවසර මෑන් බුකර් සම්මානයේ ජයග්‍රාහකයා ලෙස අයර්ලන්ත ජාතික ඇනා බර්න්ස් නම් කර තිබේ.
බුකර් සම්මානය අයර්ලන්ත ලේඛකයෙක් සතු කරගන්නා පළමු වතාව මෙය වේ.
ඒ අනුව “මිල්ක්මෑන්” කෘතිය වෙනුවෙන් ඇයට පවුම් පනස් දහසක මුල්‍යමය ත්‍යාගයක් හිමි වීමට නියමිත ය.
විවාහක පුද්ගලයෙක් සමඟ පෙමින් වෙලෙන තරුණ ළඳක් ගැන ලියවුණු “මිල්ක්මෑන්” හුදෙක් විස්මිත කතාවක් බව විනිශ්චය මණ්ඩලයේ අදහස වී ඇත.
ඩේසි ජොන්සන්ගේ “එව්රිතින්ග් අන්ඩර්”, රොබින් රොබර්ට්සන් ගේ “ද ලෝන්ග් ටේක්”, එසි ඉයුජින්ගේ “වොෂින්ටන් බ්ලැක්”, රේචල් කුෂ්නර්ගේ “ද මාස් රූම්”, රිචර්ඩ් පවර්ස්ගේ “ද ඕවර්ස්ටෝරි” 2018 බුකර් සම්මානය සඳහා නිර්දේශ ලද අනෙකුත් කෘති වේ.