දීපිකා-රන්වීර් විවාහය තීන්දුයි
ප්‍රකට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ජනප්‍රිය බොලිවුඩ් නළු රන්වීර් සිං සමඟින් විවාහ වන බවට නිළ වශයෙන් දැනුම් දී තිබෙනවා.
මොවුන් දෙදෙනා විසින් 21 ඉරිදා නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මඟින් මෙම සුබ ආරංචිය රසිකයින් වෙත දැනුම් දීමට කටයුතු කළා.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 14 සහ 15 වැනිදා විවාහය සිදු කිරීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.
“අප පවුල්වල ආශීර්වාදය සමඟින්, අපගේ විවාහ මංගල්‍යය නොවැම්බර් 14 සහ 15 යන දෙදින සිදු කිරීමට නියමිත බව පවසන්න ලැබීම ලොකු සතුටක්. වසර ගණනාවක් තිස්සේ ඔබ අප කෙරෙහි දැක්වූ ආදරයට ස්තුතියි. ඒ වගේම ලෙන්ගතු මිත්‍රත්වයෙන් සහ එකමුතුවෙන් අපි ආරම්භ කරන්න යන ආදරයේ චාරිකාවට ඔබගේ ආශිර්වාදය ලැබේවි යැයි සිතනවා,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වී තිබේ.
කෙසේ වෙතත් විවාහ උත්සවය පවත්වනු ලබන ස්ථානය ගැන එහි සඳහන් කර නැත.