ජීවන්ගේ “සාරි ගැටේ” පුංචි තියෙටර් එයි
ජනප්‍රිය රංගන ශිල්පී ජීවන් හඳුන්නෙත්තිගේ තෙවැනි වේදිකා නාට්‍ය නිර්මාණය “සාරි ගැටේ” එළඹෙන 25 සහ 26 දෙදින සවස 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකා ගත කිරීමට නියමිත යි.
පාලිත සිල්වා, නයනා කුමාරි, සරත් පීරිස් සහ ජීවන් හඳුන්නෙත්ති මේ සඳහා රංගන දායකත්වය සපයනු ලැබේ.
පවුල් ගැටුමක් කේන්ද්‍ර කරගනිමින් ඒ වටා ඇතිවන සිද්දි දාමයක් පාදක කරගත් “සාරි ගැටේ” රචනා කර ඇත්තේ අරුණ වල්පිට විසිනි.
ජීවන් හඳුන්නෙත්තිගේ අනෙකුත් වේදිකා නිර්මාණ වන්නේ “සම්මානයක් විතරයි” සහ “මට පුරුෂයෙක් ඕනෑ” යන ඒවා ය.