සමනලී නම් ගායිකාව කරළියට පිවිසි වගයි - “කොවුලෙක් මොටද”
සමනලී ෆොන්සේකා යන නම කියූ පමණින් අපේ සිහියට එන සම්මානිත රංගන ශිල්පිනිය මේ වනවිට ගායන ශිල්පිනියක ලෙස ද අප අතරට පැමිණ තිබෙනවා.
ඒ ඇය පසුගියදා එළිදැක්වූ “කොවුලෙක් මොටද” නම් ගීතයත් සමඟින්.
සුජීව හෙට්ටිතන්ත්රිගේ පද මාලාවකට අනුව සංගීතවේදී අරුණ ගුණවර්ධන මෙහි සංගීත නිර්මාණයත්, සඳරු ගමගේ විසින් නාද සංකලනයත් සිදු කර තිබෙනවා.
“කොවුලෙක් මොටද” ගීතය සම්බන්ධයෙන් කපිල එම්. ගමගේ මෙවන් අදහසක් පළ කර තිබුණි,
“සුජීව කියන්නේ අපේ වචනෙන් කිව්වොත් මට මූණු පොතේ හමුවුණ පට්ටම ලියන්නෙක්. සුජීවගේ කවි මම කියවන්නේ අනාගතය මහා බලාපොරොත්තුවක් එක්ක. මේ ගිතය තුල ඇති විරෝධාකල්පය හා ඒ සදහා ඔහු භාවිතා කරන රූපක වල ඇත්තේ නැවුම් බවක්. එසේම සමනළී ගේ ගායනයත් ඒ පද වලට නව වර්ණයක් එකතු කරනවා. අරුණ ගේ සංගිතය ගැන නම් ලියන්න දෙයක් නෑ. ඔහු අනාගත විසල් ආලෝකයක්.”
එම ගීතය පහතින්,