සහරා ෆ්ලෑෂ්ට තවත් ප්‍රහාරයක්
මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට පසුගිය 12 වැනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් අතරතුරදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එහිදී එල්ල වූ ගල් ප්‍රහාරයකින් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී හසිත කෝකිලගේ හිස තුවාල වී තිබෙන අතර ඔහු වහාම රෝහල් ගත කිරීමට එම ප්‍රසංගයට සහභාගී වී සිටි ගායන ශිල්පී චාමර වීරසිංහ කටයුතු කර තිබෙනවා.
ප්‍රසංගය පැවති ප්‍රදේශයේ පුද්ගලයකුට සංවිධායකයන් විසින් ගීත ගායනා කිරීමට අවස්ථාව ලබා දීම නිසා මෙම තත්වය ඇති වූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සිය සංගීත කණ්ඩායම සමඟ ගීත ගායනා කිරීම සඳහා යළිත් එවැනි අවස්ථා ලබා නොදීමට තීරණය කළ බව සහරා ෆ්ලෑෂ් කණ්ඩායම පවසනවා.
එසේම, තමන් තුවාල ලද අවස්ථාවේ සහයට පැමිණි ගායන ශිල්පී චාමර වීරසිංහ ගැන කී බෝඩ් වාදන ශිල්පී හසිත කෝකිලගේ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබුණා.
“2019.02.12 දින ජීවිතයේ අමිහිරිම අත්දැකීමට මුහුණ දීමට සිදුවීම ගැන කණගාටු වෙමි. වරද කාගේද යන්න මා හරියට දන්නේ නැත. මා කිසිවෙකුටත් වෙර කරන්නේද නැත. පලිගැනීමක්ද කිසිසේත් නැත. මම අදහන දෙවියන්වහන්සේ ජේසුස් වහන්සේ පමණක් විශ්වාස කරමි.! මෙම අනතුර සිදුවූ අවස්තාවේ මා රෝහලට රැගෙන යාමට කිසිවෙකුත් ඉදිරිපතවූයේ නැත කිසිවෙකු වාහනයක් දුන්නේද නතර කලේද නැත. විශේෂයෙන්ම ගායන ශිල්පී "චාමර වීරසිංහ" අයය ඔබ එම අවස්තාවෙ කිසිවක් නොබල මා වාහනයට දාගෙන ඉතා ඉක්මනින් මා රාගම රෝහල වෙත රැගෙන ගියා. එතන් සිට ඔබ මා සමග ලගින් රැදී සිටියා ඔබගේ ප්‍රසංගයේ මුදල්වත් කිසිවක් ඔබ සිතුවේ නැත. ඉන් පසු යාමට තිබූ ප්‍රසංගයටද ගියේ නැත. මා රෝහලෙන් පිටවී යනතෙක්ම ඔබ මා සමග සිටීම මට මහත් සතුටක් මෙන්ම ඔබට ඒ සැමදේටම අනේකවාරයක් පින්...! කවුරැ මොන දේ කීවත් ඔබ හදවතේ ගායකයා ලෙස ඔබට මේ තරම් මිනිසුන් ආදරය කරන්නේ මේ මනුස්සකම නිසාවෙනි.. එම අවස්තාවේ සිට මේ දක්වා මාගෙ සුවදුක් සොයා බැලූ ඔබ සැමටම අනේකවාරයක් පින්..! මෙම සිදුවීම සිදු වූ පළමු සහ අවසාන පුද්ගලයා මම නොවෙමි.. අප ජීවත්වන්නේ ඉතා කෙටි කාලයකි. මේ සසර පුරාවට කොපමන වාරයක් අපි ඉපදී මියගොස් ඇත්ද.? එම නිසා පව් කිරීමට පෙර දෙපාරක් සිතන්න. අපගේ පොඩි හැකියාවෙන් වාදනයෙන් ගායනයෙන් ඔබ සතුටට පත්වූයේ නැතිනම් ඔබට හරිහැටි රසයක් ලබාදීමට නොහැකිවුවානම් අපි කණගාටුවන්නෙමු..! සංගීතය සමග දරැණු මත්ද්‍රවය පටලවාගැනීමෙන් වලකින්න. එයින් ඔබට ඉතිරිවන්නේ විකුර්ති වූ මනසක් පමණි. ඔබව සතුටු කිරිමට මේ සේවය ඉටු කලද, අවසානයේ අපිට දුක,වේදනාව,ලේ,කදුලු,කලකිරීමක් පමණක්ම වීම හිතට ඉමහත් වේදනාවකි.... මෙතුවක්දුර අපිව දුරිමත් කරන ආදරය කරන සහ ගල්මුල් එල්ල කරන ඔබ සැමටද අනේකවාරයක් පින්....!! හසිත කෝකිල(සහරා ෆ්ලෑශ්)”