වාමදේවන් නම් කෘතහස්ත කැමරා ශිල්පියා කලක සිට රෝගාතුරව සිට ඊයේ රාත්රියේදී කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ති වී ඇත.
ඉන්දියානු සිනමා කරුවන් ලංකාවේ සිනමාව ආක්‍රමණය කොට සිටි කාලයේ ඔහු සිලෝන් ස්ටුඩියෝවේ ආලෝක කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර ඉන්දියානුවන් ලංකාවෙන් පිටව ගිය පසු ටී.සෝමසේකරන් විසින් අධ්‍යක්ෂනය කරන්නට යෙදුනු චිත්‍රපටයක් සඳහා එම්.එස්.ආනන්දන් කැමරා ශිල්පියා ලෙස තෝරාගනිද්දි එම්.එස්.ආනන්දන් සිය සහාය කැමරා ශිල්පියා ලෙස තෝරාගනු ලැබුවේ වාමදේවන්ය.
අනතුරුව ඔහු සහාය කැමරා ශිල්පියෙකු ලෙස කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව සීගිරි කාශ්ය චිත්‍රපටයේ අවසන් බාගයේ කැමරාශිල්පියගේ කාර්්‍ය භාරය ඉටුකරමින් චිත්‍රපටය අවසන් කරගැනීමට සහාය දී ඇත. යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ උපත ලද ඔහු 1967 දී සූර චෞරයා චිත්‍රපටයේ කැමරා අධ්යක්ෂවරයා ලෙස සිය සිනමා ගමන ආරම්භ කරන ලදී. අනතුරුව අටවනි පුදුමය, සූරයන්ගෙත් සූරයා හොඳම වෙලාව, හොඳයි නරකයි, ඔන්න මාමේ කෙල්ල පැනපි, ආදරෙයි මම ආදරෙයි, පාරමිතා මෙන්ම ගාමිනී ෆොන්සේකාගේ නොමියෙන මිනිසුන් වැනි චිත්‍රපට 65කට පමණ සිය නිර්මාණශීලි කැමරා දායකත්වයලබාදී ඇත.
එමෙන්ම විදෙස් චිත්‍රපට කිහිපයකටද ඔහු සිය දායකත්වය ලබදී තිබේ. එම චිත්‍රපට අතර Rampage, The Further Adventures of Tennessee Buck, Mother Teresa: In the Name of God's Poor යන චිත්‍රපට වේ.
වාමදේවන් මහතාගේ අවසන් කටයුතු මෙම ඉරිදා පැවැත්වීමට නියමිත බව මිරර්ආර්ට්ස් කළ විමසීමකදී දැනගන්නට ලැබුණු අතර අවසන් කටයුතු පිළිබඳ සවිස්තර පසුව දැණුම් දෙනු ලැබේ.
ස්තුතිය අජිත් ගලප්පත්ති සහ අරුණ ගුණරත්න ට