“ගිරිවැසිපුර” නිළ පූර්ව ප්රචාරක පට එළිදකියි
දේවින්ද කෝන්ගහගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන ගිරිවැසිපුර සිනමා නිර්මාණයේ සිංහල සහ දමිළ නිළ පූර්ව ප්රචාරක පටය ඊයේ දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වුණි.
චිත්‍රපටය සඳහා දායකත්වය දැක්වූ නිර්මාණකරුවන් ඇතුළු පිරිසක් එළිදැක්වීමේ උත්සවයට එක්වී සිටිය ය.
මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ්‍ය සමය අළලා සැකසුණු ගිරිවැසිපුර මෙරට පළමු ත්‍රෛභාෂික සිනමාපටය ලෙස හඳුන්වා දී තිබේ. එසේම මෙම චිත්‍රපටය භාෂාත්‍රයෙන්ම දර්ශන සහ උපසිරසි සහිතව රූගත කිරීම සහ ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.
මහේන්ද්‍ර පෙරේරා, පුබුදු චතුරංග, නිරංජනි ශන්මුගරාජා, බද්ධික ලොකුකැටිය, අමිත්ත වීරසිංහ, රොෂාන් පිලපිටිය, දයා තෙනනකෝන්, කිංස්ලි ලෝස්, කුමුදු නිශාන්ත, මහේන්ද්‍ර වීරරත්න, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, අතුල ජයසිංහ, සරත් ඒකනායක, පවිත්‍රා වික්‍රමසිංහ, නයනතරා වික්‍රමආරච්චි, තුසිත ලක්නාත්, ආලෝක සම්පත්, නලින් ලුසේනා, ලක්ෂාන් වාත්තුහේවා, එල්රෝයි අමලතාස්, ජුලියානා ජෝන් ෆිලිප්, නවයුගා රාජ් කුමාර චිත්‍රපටයේ චරිතවලට පණ පොවා ඇත.
කැමරා අධ්‍යක්ෂණය සුරේෂ් ධම්මික, සහාය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න, නිෂ්පාදන සම්බන්ධිකරණය බුද්ධික ලොකුකැටිය, සංස්කරණය ප්‍රවීන් ජයරත්න, අංග රචනය නාරද තොටගමුව, නිෂ්පාදන කළමනාකරණය සුභාෂ් ජයලංකා, පසුබිම් සංගීත සහ ගී තනු බිබිලාදෙණියේ මහානාම හිමි, පසුබිම් සංගීත ශබ්ද පරිපාලනය රංග දසනායක, සිංහල ගී පද රචනය දේවින්ද කෝන්ගහගේ, දමිළ ගේය පද රචනය අස්මින් උතුමාලෙබ්බේ, නර්තන වින්‍යාසය දයාන් කහඳවල, දේවින්ද කෝන්ගහගේ, නිෂ්පාදනය බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් විසිනි.
සිංහල නිළ පූර්ව ප්රචාරක පටය,
දමිළ නිළ පූර්ව ප්රචාරක පටය,