මාස් ශුද්ධිය ගැන කියවෙන “Period end of sentence” ඔස්කාර් සම්මාන දිනයි
91 වැනි ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් “Period end of sentence” සිනමාපටය, මාසික අර්තාවය හේතු කොටගෙන කාන්තාවන් විඳින පීඩාවලට එරෙහිව සටන් වැදීම අරමුණු කරගත්ත කි.
මෙලිසා බර්ටන් සහ රේඛා සේතාබ්චි ඇතුළු චිත්‍රපටයේ කාන්තා නිෂ්පාදකයින් ඉරිදා (25) නිමාව දුටු ඇකඩමි සම්මාන උළලේ දී මෙම සම්මානය ලබා ගත් හ.
රේඛා සේතාබ්චි එහිදී ප්‍රකාශ කර සිටියේ “ ඔසප් වීම සම්බන්ධයෙන් වූ සිනමාපටයක් ඔස්කාර් සම්මානයක් දිනාගත් බව මට විශ්වාස කළ නොහැකි යි,” යනුවෙනි.
The Pad Project නම් ව්‍යාපෘතිය පිහිටවූ ඕක්වුඩ් උසසස් පාසලේ සිසුන් පිරිසක් එක්ව “Period end of sentence” නම් මෙම චිත්‍රපටය නිර්මාණය කළ හ. ඉන්දියාවේ අගනුවරින් දුරස් වූ ඉතා දුෂ්කර ගම්මානයක් ඒ සඳහා පාදක කොට ගෙන තිබුණි.