රුඩෝල්ෆ් ආන්හයිම්ගේ ‘ෆිල්ම් ඇස් ආර්ට්’ ‘සිනෙ සමාධි’ නමින් කේ. කේ. සමන් කුමාර විසින් අනුවර්තනය කළ, ලෝ පතල ජර්මානු පුරෝගාමී සිනමා න්‍යායධර රුඩෝල්ෆ් ආන්හයිම්ගේ ‘ෆිල්ම් ඇස් ආර්ට්’ කෘතියෙන් තෝරාගත් ලිපි කිහිපයක අනුවර්තනය ‘සිනෙ සමාධි’ නමින් දැන් නිකුත් වී තිබේ.
මෙය සිනමා මාධ්‍යය හා රූප විඥානයත්, එහි දෘෂ්‍ය මනෝ විද්‍යා නියාමයනුත් පිළිබඳ අපූර්ව මෙන්ම විචිත්‍ර ප්‍රවේශයක් සපයනු ඇත.
‘සිනෙ සමාධි’ කවිවර ප්රකාශනයකි.
නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය
එසේම කේ. කේ. සමන් කුමාර විසින්ම සම්පාදනය කළ ‘නිර්මාණාත්මක ලේඛනය: නවකතාවේ වාස්තුවේදය’ කෘතිය දැන් නිකුත් වී තිබේ.
නිර්මාණාත්මක ලේඛනයේ න්‍යායික පාර්ශ්වය- තාක්ෂණික මෙන්ම දෘෂ්ටිමය පාර්ශ්වය පිළිබඳ අවබෝධය ලබා ගත හැකි පරිදි මේ සම්පාදනය කොට තිබේ. නවකතා මාධ්‍යය කේන්ද්‍ර කොට නාට්‍යය, සිනමා තිර රචනය, කෙටිකතාව හා ළමා කතාව ඔස්සේ කතාන්දරයක් ගොඩ නැගීමේ මූලික ක්‍රමවේදය හා මාධ්‍යමය හා තාක්ෂණික ස්වීයත්වය කෙරේ අවබෝධය මෙතුළින් ලබා ගත හැකිවේ. වෙසෙසින්ම අද්‍යතන ලෝකයේ සාහිත්‍ය සිතියම තුළ තම ආත්මීය, ස්වීය අනන්‍යතාව නිසි පරිදි ස්ථාන ගත කිරීම කෙරේ අවබෝධයද මෙමගින් ලබා දෙනු ඇත.
නිර්මාණාත්මක ලේඛනය කවිවර ප්රකාශනයකි.