විජයබා කොල්ලයේ වැඩ නිමයි
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “විජයබා කොල්ලය” හි නිර්මාණ කටයුතු අවසන් කර ඇති බවට වාර්තා වෙනවා.
හේමාල් රණසිංහ, අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා, චුලක්ෂි රණතුංග ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගන දායකත්වය සපයා තිබේ. මෙම සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්ත, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, අංග රචනය හර්ෂ මංජුල, දෘශ්‍ය ප්‍රයෝග බුඞී කීර්තිසේන, වස්ත්රාභරණ වෙනුක වික්‍රමාරච්චි, නාද සැලසුම්කරණය කාවිංග ගිහාන් පෙරේරා, නිෂ්පාදන කළමනාකරු නිමල් විජේසිරී සේනාධීර, නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී.රංජිත් කුමාර, ගීත ගායනය උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහ, තිර රචනය තිස්ස අබේසේකර, නිෂ්පාදනය සරසවි සිනෙරු වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමසිරි, සම නිෂ්පාදනය කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී සහ චාන්දි හපුතන්ත්‍රී විසිනි.
ඩබ්. ඒ. සිල්වාගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද "විජයබා කොල්ලය" ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස තිරගත කිරීමට නියමිත යි.