ක්ලෝද් මොනේගේ සිතුවමක් වාර්තාගත මිලකට අලෙවි වේ
ප්රංශ චිත්ර ශිල්පී ක්ලෝද් මොනේගේ සිතුවමක් ඇමරිකානු ඩොලර් මිලියන 110.7ක වාර්තාගත මිලකට අලෙවි වී තිබේ.
ඔහුගේ සිතුවමක් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට වඩා වැඩි මුදලකට අලෙවි පළමු වතාව ද මෙය වේ.
නෝමැන්ඩි ප්රදේශයේ ගම්බද ජීවිතය පිළිබිඹු කරන මොනේගේ Meules නම් සිතුවම් පෙළෙහි එකක් වන මෙම තෙල් සායම ඔහු නිම කරන ලද්දේ 1890 දී ය. Meules සිතුවම් පෙළ, කෘති 25කින් සමන්විත අතර ඒවායෙන් බහුතරයක් ලොව වටා පිහිටි කලාගාර රැසක ප්රදර්ශනයට තබා ඇත.
පසුගියදා වාර්තාගත මිලකට අලෙවි වූ චිත්රය පළමු වරට වෙන්දේසි වුයේ 1986 දී ය. ඒ ඩොලර් මිලියන 2.5 කට ය. එවක සිට මේ වනතෙක් සිතුවමෙහි අයිතිය පැවරී තිබුණේ එක් පවුලකට ය.