“අලිඩෝලේ” රජත පුස්තක සම්මාන දිනයි
මහින්ද කුමාර දළුපොත ලියූ “අලිඩෝලේ” කෘතිය 2018 වසරේ ප්‍රකාශිත හොඳම යෞවන සාහිත්‍ය කෘතිය ලෙස රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබී ය.
හොඳම කෙටිකතාව ලෙස එරික් ඉලයප්ආරච්චිගේ “චයිනා ටවුම” සහ හොඳම කාව්‍ය කෘතිය ලෙස රන්ජිත් මල්ලියාවඩුගේ “සහෝදර මුහුණුවර” රජත පුස්තක සම්මාන දිනීය.
සම්මාන උළෙල ඊයේ (16) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්වුණි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් තෙවැනි වරට සංවිධාන කරනු ලැබූ රජත පුස්තක සම්මාන උළෙල සඳහා කෙටිකතා 46ක්, කාව්‍ය සංග්‍රහ 79ක් සහ යොවුන් සාහිත්‍ය කෘති 42ක් ඉදිරිපත් වී තිබුණි.