කලා ශිල්පිනි ග්ලෝරියා වැන්ඩර්බිල්ට් දිවියෙන් සමුගනියි
ඇමරිකානු ජාතික නිරූපණ ශිල්පිනියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක මෙන්ම ලේඛිකාවක වශයෙන් නමක් දිනූ ග්ලෝරියා වැන්ඩර්බිල්ට් දිවියෙන් සමුගෙන තිබේ.
මියයන විට ඇයගේ වයස අවුරුදු 95කි.
“තමාටම ආවේණික දිවියක් ගෙවූ ඇය හරි අපූරු කාන්තාවක්,” යනුවෙන් ග්ලොරියාගේ පුත් ඇන්ඩර්සන් කූපර් CNN පුවත් සේවය වෙත පවසා තිබුණි.
“ඇය සිතුවම් ශිල්පිනියක්, ලේඛිකාවක් සහ නිර්මාණ ශිල්පිනියක් වුණා වගේම හොඳ අම්මා කෙනෙක්, බිරිඳක්,යෙහෙලියක්. අවුරුදු 95ක් වුනාට ඇයගේ සමීපතමයින්ගෙන් විමසුවොත් ඔබට කියයි තමන් දන්නා තරුණම කෙනා ඇය බව.”
අවුරුදු 15 දී හාපර් බසාර් නිරූපණ ශිල්පිනියක ලෙස නිර්මාණ ලෝකයට අවතීරණ වූ ඇය 17 දී හොලිවුඩයට පා තැබුවා ය.
එසේම වයස 85 දී ඔබ්සෙෂන් නම් ශෘංගාරාත්මක නවකතාවක් ද ඇය ලියුවාය.