වින්සන්ට් වැන්ගෝ සියදිවි නසා ගත් තුවක්කුව වෙන්දේසි වෙයි
ලෝක ප්රකට සිතුවම් ශිල්පී වින්සන්ට් වැන්ගෝ සියදිවි හානි කරගැනීමට යොදාගත් බව සැලකෙන තුවක්කුව ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ දෙදහසක මුදලකට වෙන්දේසි වී තිබේ.
අපේක්ෂිත මුදලට වඩා තුන්ගුණයක් ඉහළ මුදලක් ගෙවා මළ බැඳුණු මෙම තුවක්කුව මිලදී ගෙන ඇති පුද්ගලයාගේ නම හෙළි කර නැත.
වැන්ගෝ කලාකරුවාගේ අවසන් කාලය ගත කළ ගම් ප්රදේශය ආසන්නයේ තිබී ගොවියකු විසින් මෙම ආයුධය සොයාගෙන තිබුණේ 1965 දී ය. ආසන්න වශයෙන් එය නිවැරදි කාලයට අයත් අතර වැන්ගෝ වෙඩි තබා ගැනීමට යොදා ගත් උණ්ඩ වර්ගයම ඊට භාවිත කර තිබේ.
කෙසේ වෙතත්, මෙය ලෝක ප්රකට සිතුවම් ශිල්පියාගේ ජීවිතය අරගත් තුවක්කුවම දැයි සැක මතු වී ඇත.
වින්සන්ට් වැන්ගෝ නම් ලන්දේසි කලාකරුවා 1890 වසරේ ජූලි අග එක් දිනයක ප්රංශයේ Auvers-sur-Oise නම් ගම්මානයේ ගොවිබිමක් ආසන්නයේ දී පපුවට වෙඩි තබාගත්තේ ය. පොකැට්ටුවක් පමණ වූ තුවක්කුවෙන් සිදු වූ තුවාල නිසා දින කිහිපයක් ඔහු පීඩා විඳි අතර වේදනාකාරී මරණයක් ඔහුට උරුම විය.