මිස් ඉංග්ලන්ඩ් රූ රැජින තරගාවලියෙන් මේක්අප් නැති තරග වටයක්
රූපලාවන්‍ය ආලේපනවලින් සම්පුර්ණයෙන්ම තොර තරග වටයක් පැවැත්වීමට මිස් ඉංග්ලන්ඩ් රූ රැජින තරගාවලි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. ස්වභාවික සුන්දරත්වය සහ සිරුර පිළිබඳ ධනාත්මක ආකල්පවලට තැන දීම අරමුණු කරගනිමින් මෙම තරග වටය සංවිධාන කෙරෙන්නේ පළමු වරට යි.
ඒ අනුව රූපාලංකරණ නිෂ්පාදන භාවිතා නොකර, කිසිදු ලෙසකින් සංස්කරණය නොකළ තමන්ගේ ඡායාරුපයක් ඉදිරිපත් කිරීමට 2019 වසරේ තරගකාරිනියන්ට සිදු විය.
ස්වභාවික පෙනුම ඉස්මතු නොවන ආකාරයේ ඡායාරූප ඉදිරිපත් කිරීමට තරුණ තරගකාරිනියන්ගේ තිබුණු උද්යෝගය පිළිබඳ මවිතයට පත් සංවිධායක මණ්ඩලය විසින් නව තරග වටය එක් කිරීමට තීරණය කර තිබුණි.
තරුණියන් 20,000 කට අධික පිරිසක් මෙවර මිස් ඉංග්ලන්ඩ් රූ රැජින තරගයට ඉදිරිපත් වී ඇති බවත් ස්වභාවික සුන්දරත්වය සහ සිරුර පිළිබඳ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධන කිරීම මෙහිදී ඉතා වැදගත් කරුණක් බවත් සංවිධායකයින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
තරගකරුවන් 54 දෙනකු අතරින් රුවැත්තියක් එළඹෙන මස නිව්කාසල් හිදී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී කිරුළු පැළඳීමට නියමිත ය. ඇය ලෝක රූ රැජින තරගාවලිය සඳහා එංගලන්තය නියෝජනය කරමින් එක් වනු ඇත.