මම මරණ දණ්ඩනයට විරුද්ධයි!
මරණ දණ්ඩනය සාධාරණිකරණය කිරීමට මිනිසුන් කුමන දේ පැවසුවත් තමන් ඊට විරුද්ධ බව ජනප්‍රිය රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද් පවසයි.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත.
“බහුතර ශ්‍රී ලාංකිකයින් මරණ දණ්ඩනයට එකඟ වීමට යන කාරණය පිළිබඳව මට වැටහෙන නමුත්.... මම ඊට එරෙහියි.... තවත් මනුෂ්‍යයකුගේ ජීවිතය තොර කිරීමට මම විරුද්ධයි... එය සාධාරණිකරණය කරන්න නොයෙක් දේ ඔබ පවසාවි. සමහරවිට ඔබ මට දොස් නගාවී ඒ වගේම ප්රශ්නය මගේ නොවන තාක් උත්තරය දාර්ශනිකයි වැනි දේ පවසාවි. ඔබ තෘප්තියට පත් වනතෙක් මිනිසුන්ට දඬුවම් කිරීමට ඔබට හැකි නමුත් ඔබ කොහොම ද තවත් පුද්ගලයකුගේ ජීවිතය උදුරා ගන්නේ? ඔහු මේ ලෝකයේ අතිශයින්ම දරුණු පුද්ගලයා වුණත්? මෙය දෙවියන් පිළිගන්නේ නැහැ.”
දිනක්ෂි මින් පෙර ද මරණ දඬුවම ලබා දීමට එරෙහිව සිය හඬ අවදි කර තිබුණි.