නාසි හමුදා සොරාගත් සිත්තම ඉතාලි කලාගාරයට යවන බව ජර්මනිය කියයි
1943 දී ඉතාලියේ ෆ්ලොරන්ස් හි පිහිටි උෆිසි කලාගාරයෙන් නාසි හමුදා විසින් සොරකම් කරන ලද සිතුවමක් නැවත ලබා දීමට කටයුතු කරන බව ජර්මනිය පවස යි.
ජර්මානු පවුලක් සතුව තිබු “Vase of Flowers” නම් මෙම සිතුවම යුරෝ මිලියන ගණනක් වටිනා එකක් බව තක්සේරු කර තිබේ.
මෙම කලාකෘතිය නැවත කෞතුකාගාරයට රැගෙන ඒම සඳහා උපකාර කිරීමට ජර්මනියට සදාචාරාත්මක යුතුකමක් ඇති බව උෆිසි කලාගාරයේ ප්රධානියා පසුගිය ජනවාරියේ දී පවසා සිටියේ ය.
ලන්දේසි චිත්ර ශිල්පී Jan Van Huysum විසින් අඳින ලද මේ සිත්තම ෆ්ලොරන්ස් හිදී පළමු වරට ප්රදර්ශනය කරන ලද්දේ 1824 දී ය.