කිම් කාඩිෂියන් “කිමෝනෝ යට ඇඳුමේ” නම වෙනස් කරයි
ඇමරිකානු නිරූපණ ක්ෂේත්රයේ තරුවක් වන කිම් කාඩිෂියන් වෙස්ට් පසුගියදා හඳුන්වා දුන් නවතම විලාසිතා සන්නාමය වෙනස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
“කිමෝනෝ ඉන්ටිමේට්ස්” නම් එම විලාසිතාවට ජපන් සම්ප්‍රදායික ඇඳුමක් වන කිමෝනෝවේ නම ඈඳා ගැනීම නිසා එල්ල වූ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බවට යි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජපාන ජනතාව සමාජ මාධ්‍යවල මෙම ඇඳුම් සන්නාමය දැඩි ලෙස විවේචනය කර තිබුණි. ඒ එමඟින් ජපානයේ සම්ප්‍රදායික කිමෝනෝ ඇඳුමට අගෞරවයක් වන බව පවසමිනි.
පසුගිය සතියේ දී නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් මෙම නාමය වෙනස් නොකරන බව කිම් කාඩිෂියන් ප්‍රකාශ කළත් 2 අඟහරුවාදා නිවේදනය කර ඇත්තේ ඉහත හේතුව නිසා නව නාමයක් ඉදිරියේ දී ප්‍රකාශ කිරීමට යන බව යි.
සබැඳි පුවත්
කිම් කාඩිෂියන්ගේ කිමෝනෝ යට ඇඳුමට ජපානයේ විරෝධය