ජාත්‍යන්තරය දිනූ කලාකරුවන් ජනපතිගේ ඇගැයීමට ...
2019 වසරේ දී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උළෙලවල දී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයන් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් පසුගිය 02 වැනිදා ජනධිපති කාර්යාලයේ දී සිදු කෙරුණි.
ඒ අනුව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ නීටා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ශිරාන් රත්නායක, රංග බණ්ඩාරනායක, අතුල පීරිස්, නිශාදි බණ්ඩාරනායක යන යන සිනමා හා රූපවාහිනී කලා ශිල්පින් එහිදී ජනාධිපති ඇගැයීමට පාත්‍ර විය.