මෙවර කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී ජයලත් මනෝරත්නයන් අභිනන්දනට
නාට්‍යවේදී එම්. සෆීර් ප්රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට්” 8 වැනි වරටත් සංවිධාන කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” එළඹෙන අගෝස්තු මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවීණ නාට්‍යවේදි ජයලත් මනෝරත්නයන්ට උපහාර පුද කරනු පිණිස මෙවර උළෙල “ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල” ලෙස වෙන්කර ඇති අතර ඊට ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් සහභාගී වීමට නියමිත ය.
එසේම එහිදී නූතන රංග කලාවේ ප්රගමනයට හේතුවන නාට්‍ය නිර්මාණ 13 ක් වේදිකා ගත කිරීමට නියමිතය.
සමාරම්භක උත්සවය අගෝස්තු මස 3 වැනිදා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර, නාට්‍ය දර්ශන 4 වැනිදා සිට 9 වැනිදා දක්වා දිනපතා පස්වරු 7 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ.
“කොළඹ නාට්‍ය කතිකාව” 5 වැනිදා සිට 7 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීත්, නූතන රංග කලා වැඩමුළු 4 වැනිදා සිට 8 වැනිදා දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් පැවැත්වේ.