සාක් සිනමා උළෙලේ හොඳම නිළිය අනෝමා ජනාදරී
9 වැනි වරට සංවිධාන කළ සාක් සිනමා උළෙලේ හොඳම රංගන ශිල්පිනිය ලෙස දැවෙන විහඟුන් සිනමාපටයේ රඟපෑ අනෝමා ජනාදරී සම්මාන දිනා ගත්තා ය.
ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය සහ ශ්රී ලංකාව යන සාක් කලාපිය රටවල සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වුණු මෙම සිනමා උළෙල ඊයේ (7) දින නිමාවට පත්විය.
එසේම හොඳම සංස්කරණය උදෙසා දැවෙන විහඟුන් සිනමාපටයට සම්මාන හිමිවූ අතර ලංකා බණ්ඩාරනායකගේ සම්ප්රදාය කෙටි චිත්රපටයට ජූරියේ විශේෂ සම්මානයක් හිමිවිය.
නගර්කිර්තන් නම් ඉන්දීය සිනමාපටය හොඳම සිනමාපටය, හොඳම අධ්යක්ෂණය සහ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මාන එහිදී දිනා ගන්නා ලදී.