කපිල එම්. ගමගේ කවි කෙටිකතා මුහු කරන දින එදා...
කතුවර කපිල එම්. ගමගේ ලියූ “අපරාදෙ, ඒ නොවැම්බර්” කෙටිකතා පොත සහ “මුහුදට මුහුණ ලෑ සොහොනකි” කවි පොත එළඹෙන ජූලි 27 වැනි සෙනසුරාදා පස්වරු 3 ට එළිදැක්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ජනගත කිරීම සිදු කෙරෙන්නේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ය.
සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසින් “පොත් ගැහුවට කවි ලියන්න පුලුවන් ද?” සහ ලේඛක හා පරිවර්තක චුලානන්ද සමරනායක විසින් “මොනවද මේ කෙටිකතා ?” මැයෙන් දෙසුම් දෙකක් එදින පැවැත්වීමට නියමිත ය.
අපරාදෙ, ඒ නොවැම්බර් කපිල එම්. ගමගේ ලියන ලද දෙවැනි කෙටිකතා පොත වන අතර මුහුදට මුහුණ ලෑ සොහොනකි ඔහුගේ සය වැනි කාව්‍ය සංග්‍රහය වේ.
එදිනට පැමිණෙන මෙන් ඔබටත් ඇරයුම්!