විසාකේසගේ “පාංශු” ජග්රන් සිනමා උළෙලට
විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සිනමා කෘතිය ඉන්දියාවේ පැවැත්වෙන 2019 ජග්රන් සිනමා උළලේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ඒ අනුව “පාංශු” එළඹෙන ජූලි 18 වැනිදා රාත්‍රී 8.25 ට සිය පළමු ඉන්දීය තිරගත කිරීම සිදු කරනු ලබන්නේ නව දිල්ලියේ සිරි ෆෝට් ශ්‍රවනාගාරයේ දී ය.
10 වැනි වරට සංවිධාන කෙරෙන ජග්රන් සිනමා උළෙලේ දී සිනමාපට 400කට අධික සංඛ්‍යාවක් නගර 18ක් ආශ්‍රය කරගනිමින් ප්‍රදර්ශනය කෙරේ.
නවදිල්ලි නුවර පැවැත්වෙන වැඩසටහන ජූලි 18 වැනිදා ආරම්භ කරන අතර එය ජූලි 21 දක්වා දී පැවැත්වේ.