මුරලිගේ කතාව රිදී තිරයට
ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව ශ්‍රේෂ්ටතම දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කතාව අළලා සිනමාපටයක් නිර්මාණය කිරීමේ සුදානමක් ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
800 ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ මුරලිගේ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය දමිළ රංගන ශිල්පී විජය සේතුපති බවයි කොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම ව්‍යාපෘතියට සම්බන්ධ පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇති පරිදි “අපි 2019 දෙසැම්බර් මස සිට රූපගත කිරීම් ආරම්භ කරනවා. මේක විශාල වියදමක් දරා නිර්මාණය කරන චිත්‍රපටයක්. ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ තවත් රටවල් කිහිපයක එහි රූපගත කිරීම් සිදු කිරීමට නියමිත යි.”
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිළ නිවේදනයක් තවමත් නිකුත් කර නැත.