“ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්” කැමරන්ගේ “ඇවටාර්” පහුකරයි
ලොව වැඩිම ආදායමක් ලද සිනමාපටය ලෙස දස වසරක් පුරා වාර්තා අතර සිටි “ඇවටාර්” සිනමාපටය දෙවැනි ස්ථානයට ඇද දමන්නට මාවල් “ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්” පසුගිය සති අන්තයේ දී සමත්විය.
ඒ ජේම්ස් කැමරන්ගේ විද්‍යා ප්‍රබන්ධය තැබූ ඩොලර් බිලියන 2.7897 ක ආදායම් වාර්තා පසුකරමින් ඩොලර් බිලියන 2.7902 ක නව බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමිනි.
මාවල් ප්‍රධානි කෙවින් ෆේග් ඇමරිකාවේ කොමික් කොන් හි දී මෙම ජයග්‍රහණයේ සතුට සැමරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොබට් ඩවුනි අයන් මෑන් ලෙසත්, ස්කාල්ට් ජොන්සන් බ්ලැක් විඩෝ ලෙසත්, ක්‍රිස් හෙම්ස්වර්ත් තෝර් ලෙසත් රඟපෑ “ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්” චීනයේ ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 629 ක්, දකුණු කොරියාවේ ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 105ක් සහ බ්‍රසීලයේ ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 85 ක ආදායමක් උපයා තිබේ.
එදා මෙදා තුර වැඩිම ආදායමක් ඉපයූ සිනමාපට මෙසේ ය,
සිනමාපටය |
බොක්ස් ඔෆිස් (ඩොලර් බිලියන) |
1) ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම් (2019) |
2.790 |
2) ඇවටාර් (2009) |
2.789 |
3) ටයිටැනික් (1997) |
2.187 |
4) ස්ටාර් වෝර්ස්: ද ෆෝස් අවේකන්ස් (2015) |
2.068 |
5) ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ (2018) |
2.048 |
6) ජුරාසික් වර්ල්ඩ් (2015) |
1.671 |
7) මාවල්ස් ද ඇවෙන්ජර්ස් (2012) |
1.518 |
8) ෆියුරියස් 7 (2015) |
1.516 |
9) ඇවෙන්ජර්ස්: ඒජ් ඔෆ් අල්ට්‍රන් (2015) |
1.405 |
10) බ්ලැක් පැන්තර් (2018) |
1.346 |