බොලිවුඩ් නිළි ජැකලින් ත්‍රිකුණාමලයේ දී උපන් දිනය සමරයි
අද (11) දිනයේ 34 වැනි වියට පා තැබූ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සිය උපන් දිනය සමරනු ලැබුවේ ත්‍රිකුණාමල උප්පුවේලි වෙරළ ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයක දී යි.
මෙවර උපන්දිනයට ඇයට සිය පියාගෙන් ලැබී තිබුණේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයකි.
මේ විශේෂ අවස්ථාවේ ජැකලින් සිය සමීපතමයන් සමඟින් සතුට සමරන ආකාරයේ වීඩියෝ මෙන්ම ඡායාරූප රැසක් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ පළ කිරීමට ද අමතක කර තිබුණේ නැහැ.
තමන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනකු සමඟින් මිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ ඇය හබරණ ප්‍රදේශයේ ද සංචාරයක නිරත වී තිබුණි.
2006 දී ශ්‍රී ලාංකීය රූ රැජින ලෙස කිරුළු පළඳා බොලිවුඩය ජයගත් ජැකලින් ෆර්නැන්ඩස්, පාස්කු ප්‍රහාරයෙන් පසුව කඩා වැටි තිබුණු මෙරට සංචාරක ව්‍යාපාරය යළි නැංවීම සඳහා යම්කිසි වැඩ කොටසක් සිදු කරනු ලබන්නී ය.