“කැමරාවෙන් ලියවුණු මානව කතන්දරය” ජනගත කිරීම සහ වාර්තා චිත්‍රපට දැක්ම
සුමින්ද ගුණරත්න විසින් රචිත “කැමරාවෙන් ලියවුණු මානව කතන්දරය” කෘතිය ජනගත කිරීම සහ දුර්ලභ වාර්තා චිත්‍රපට දැක්ම සැප්තැම්බර් 12 වැනිදා සවස 2.30 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේ දී පැවතීමට නියමිත ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව අධ්‍යන අංශය මගින් සිදුකරන ලද පර්යේෂණයක් ඇසුරින් රචිත මෙම කෘතිය මගින් ජගත් වාර්තා චිත්‍රපට සහ රජයේ චිත්‍රපට අංශය මගින් නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපට පිළිබඳ සංසන්දනාත්මක විවරණයක යෙදී ඇත. රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපටවල මානව විද්‍යාත්මක වටිනාකම් ඉස්මතු කරමින් ඒවායේ අධ්‍යාපනික හා ඓතිහාසික වටිනාකම් පෙන්වාදීමත් මෙම කෘතිය හා චිත්‍රපට දැක්ම මගින් සිදු කෙරේ.
“කැමරාවෙන් ලියවුණු මානව කතන්දරය” කෘතිය හඳුන්වා දීමේ දේශනය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර විසින් සිදු කරනු ලැබේ. එසේම රජයේ චිත්‍රපට අංශය සතු වාර්තා චිත්‍රපට පිළිබඳ “ඊයේ අද සහ හෙට” මැයෙන් විවෘත සංවාදයක් සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, සිනමා විචාරක ඈශ්ලි රත්නවිභූෂණ, ප්‍රවීන කැමරාශිල්පී එම්.ඩී. මහින්දපාලගේ සහභාගිත්වයෙන් එදින පැවැත්වේ.
ජාතික චිත්‍රපට සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල විද්‍යා විඥාපන ආයතනය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරනු ලබන මෙම වැඩසටහනට සහභාගී වන මෙන් ආරාධනා!