ප්‍රදීපන්ගේ “Soundless Dance” යාපන සිනමා උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස සම්මාන දිනයි
5 වැනි වරට සංවිධාන කරන ලද යාපන අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අයුරින් යාපනය මැජෙස්ටික් සිනමාශාලා සංකීර්ණයේ දී පැවැත්වුණි.
සිනමාවේ අභිවෘද්ධිය උදෙසා කළ මෙහෙවර අගයා ඉන්දීය සිනමා විචාරක වී.කේ. ජෝසප් සහ ශ්‍රී ලාංකේය නිළි ස්වර්ණා මල්ලවආරච්චි එහිදී යාවජීව සම්මානයෙන් පිදුම් ලැබී ය.
තරගකාරී අංශ දෙකකින් සමන්විත වූ උළෙලේ විශිෂ්ටතම කුළුඳුල් සිනමා නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර වුයේ ප්‍රදීපන් රවින්ද්‍රන්ගේ “Soundless Dance” සිනමාපටය යි. 2018 දී නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය ප්‍රංශ, ශ්‍රී ලංකා නියෝජනයක් ලෙස උළෙලට ඉදිරිපත් කර තිබුණි.
හොඳම ශ්‍රී ලාංකේය කෙටිචිත්‍රපටය ලෙස සම්මාන හිමිකරගැනීමට බවනිදා ලෝගනාදන්ගේ “Generations” සිනමාපටය සමත් විය.
ජාත්‍යන්තර කෙටි චිත්‍රපට කාණ්ඩයෙන් ජයග්‍රහණය හිමිවුයේ මැලේසියාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ අන්වර් ජොහාරිගේ “Forget me not” චිත්‍රපටය යි.
දෙස්, විදෙස් කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දින 7ක් පුරා පැවැත්වුණු මෙවර යාපන අන්තර්ජාතික සිනමා උළෙලේ සමාප්තිය සනිටුහන් කරමින් විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සිනමාපටය ප්‍රදර්ශනය කෙරුණි.