සම්මානිත ලේඛිකා තනුජා අයගම ලියූ ළමා කතා ගැන කතිකාවක් ලෝක ළමා දිනය දා
සම්මානිත ළමා කතා ලේඛිකා තනුජා එන්.අයගම ලියූ ළමා කතන්දර පොත් පිළිබඳ කතිකාවක් ඔක්තෝබර් 1 වැනිදා පස්වරු 3 ට පැවැත්වීමට නියමිත ය.
බොරැල්ල ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ දී පැවැත්වෙන මෙම වැඩසටහනේ සංවාද සභාවට ප්‍රගීතිකා ජයසේකර, තිඹිරියාගම බණ්ඩාර, චුලානන්ද සමරනායක, විපුලි නිරෝෂිනී හෙට්ටිආරච්චි, ජනප්‍රිය ගමගේ එක්වේ. එදින වැඩසටහන මෙහෙයවීම ගාමිණි කන්දෙපොල විසිනි.
2012, 2014, 2016, 2017 යන වසරවලදී පිළිවෙලින් ‘අහස් ගමට ගිය පුංචි සිත්තරා’, ‘මුහුද සහ දෝණි’, ‘ඉරඑළිය’ සහ ‘මගේ ගුරුතුමා’ යන කෘතීන්වලට වසරේ හොඳම ළමා කතාව සඳහා වන රාජ්‍ය සම්මාන දිනූ තනුජා එන්.අයගම මෙවර ද රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා ය. ඒ “හරි පුදුමයි හරි පුදුමයි” කෘතිය වෙනුවෙනි.