සුබා සිවකුමාරන්ගේ “නොමියෙන මතකය” හොංකොං ආසියානු සිනමා උලෙළට
දෙස්, විදෙස් ඇගයීමට ලක් වූ සුබා සිවකුමාරන්ගේ “නොමියෙන මතකය” (House of my fathers) චිත්රපටය 2019 හොංකොං ආසියානු සිනමා උලෙළේ දී ප්රදර්ශනය කිරීමට නියමිත ය.
ඒෂියන් වයිඩ් ඈන්ගල් අංශය යටතේ නොවැම්බර් 11 වැනිදා සවස 8 සහ නොවැම්බර් 17 වැනිදා සවස 4.50 ට ඒ අනුව සිනමාපටය තිරගත කරනු ලැබේ. 2004 දී ඇරඹි හොංකොං ආසියානු සිනමා උලෙළ වාර්ෂිකව හොංකොං හි දී පැවැත්වේ.
“නොමියන මතකය" සිනමාපටය සඳහා බිමල් ජයකොඩි, ප්රදීප ජීවා, ස්ටීව් සිල්වා, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් යනාදී නළු නිළියන් රංගන දායකත්වය සපයා ඇති අතර මිට පෙර බූසාන්- දකුණු කොරියාව, හැම්බර්ග්- ජර්මනිය, ලන්ඩන් - එංගලන්තය, මුම්බායි- ඉන්දියාව, ධරම්ශාලා- ඉන්දියාව, හවායි- ඇ.එ.ජනපදය, කොල්කටා- ඉන්දියාව, සිංගප්පූරු- සිංගප්පූරුව, කේරළ - ඉන්දියාව, රොටර්ඩෑම්- නෙදර්ලන්තය, මානව හිමිකම් සිනමා උලෙළ-ස්විට්සර්ලන්තය යනාදි අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී "නොමියන මතකය" තිරගත විය.