ගුත්තිල වැඩ නිමයි
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සනත් අබේසේකර තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ නවතම සිනමා සිත්තම “ගුත්තිල” හි වැඩ කටයුතු මේ වනවිට නිම කර ඇති බවට වාර්තා වේ.
ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි සිනමා රංගනයට ප්‍රවේශ වන්නේ මෙම සිනමාපටයේ ගුත්තිල පඬිවරයාගේ චරිතයට පණ පොවමිනි. මූසිල චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී අකිල ධනුද්ධර විසිනි. අයිරාංගනී සේරසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, යශෝධා විමලධර්ම, විජේරත්න වරකාගොඩ, සනත් ගුණතිලක, වීණා ජයකොඩි, ගිරිරාජ් කෞශල්‍ය, ශ්‍රීමාල් වෙඩිසිංහ, චුලක්ෂි රණතුංග, නදීකා ගුණසේකර, සරත් චන්ද්‍රසිරි, මහින්ද පතිරගේ ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් ද මේ සඳහා රංගනයෙන් එක් වී තිබේ.
මහින්දාගමනය, සිරි දළදාගමනය, අනගාරික ධර්මපාල, මහරජ අජාසත් ආදී සිනමාපට නිර්මාණය කළ සනත් අබේසේකරගේ නවතම සිනමා කෘතිය “ගුත්තිල” එළඹෙන වසරේ දී ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වේ.