සුමති ටෙලි සම්මාන උලෙළ වර්ජනය කරමු!
හෙට (24) දිනයේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිත 24 වැනි සුමති ටෙලි සම්මාන උලෙළ වර්ජනය කරන මෙන් ප්‍රවීන රංගන ශිල්පී ඩබ්ලිව් ජයසිරි ඉල්ලීමක් කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ “පාඩු ලබන බව කියා වසා දැමූ "ලක්බිම"පුවත්පතේ සේවකයින් 800දෙනෙක් රැකියා අහිමිව නඩුමගට බැස වන්දි ඉල්ලා සටන් කරද්දී මුදල්පොදි වියදම් කරමින් නටන සුමති ටෙලි සම්මාන උලෙළ වර්ජනය කරමු!” යනුවෙනි.
සුමති පුවත්පත් ආයතනය සතුව තිබූ ලක්බිම පුවත්පත පාඩු ලබන බව පවසමින් සම්පුර්ණයෙන් නවතා දැමුවේ පසුගිය ජූනි මස දී ය.
එහි සේවය කළ මාධ්‍යවේදීන් ඇතුළුව 800 ක් පමණ සේවක පිරිසගේ රැකියාව ඒ අනුව අහිමි වූ අතර සේවකයින් පිරිසක් තමන්ට හිමිවිය යුතු වන්දි මුදල් ලබා ගැනීම සඳහා මේ වනවිට නඩු මාර්ගයට පිවිස තිබේ. එසේම නිසි අයුරින් අදාළ ආයතනය වසා නොදැමීම සම්බන්ධයෙන් නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාලයේ දී එළඹෙන 25 වැනිදා පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.