නිරුවත මිනිස්සුන්ව සැහැල්ලු බවට පත්කරනවා. සිරුර, ඇඳුම් පැළඳුම් සමගින් ඔවුන් බැඳ තබන භෞතික බැම්මෙන් මිනිස්සුන්ව නිදහස් කරනවා. සමහරවිට මුළු මහත් ලෝකයේම අවධානය ලබාගන්න, ඒ විතරක් නෙමෙයි විරුද්ධත්වය ප්‍රකාශ කරන්නත් නිරුවත යොදාගන්නවා. හැබැයි මේ නග්න සිරුර අපිට කියන්නේ වෙනස්ම විදියේ පණිවිඩයක්.
ජීවිතය දිහා ආදරයෙන් බලන්න ආදරණීය ඇරයුමක්.....
Alton Towers අනතුරකින් දිවි ගලවාගත් Vicky Balch, Sunday People පුවත්පත වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කළේ සිය දෙපා අහිමිවීමෙන් පසු සියදිවි නසාගැනීමට පවා ඇය තැත් කළ බවයි. සිරුරේ කෙතරම් විකෘතිතා තිබුණද එය සුන්දරත්වයට හානියක් නොවන බව ආත්ම විශ්වාසය නංවාලීමට සමත්වන නග්න ඡායාරූප වලට පෙනී සිටිමින් ඇය මේ බව අනාවරණය කළාය.
2015 ජූනි 2 වැනිදා සිදුවූ Alton Towers අනතුරේ ගොදුරක් බවට වූ ඇගේ පාදයෙන් කොටසක් අහිමි විය. Balch නග්න ඡායාරූප වලට පෙනී සිටිමින් පවසන්නේ ‘සමාජය ලිංගික ආකර්ශණය යනුවෙන් සලකන දෙයට අභියෝග කිරීමට‘ ඇයට වුවමනා බවයි. ඒ නිසාම ඇය පෙනී සිටි නග්න ඡායාරූපයන් සමාජ මාධ්‍ය හරහා ශෙයාර් කරගැනීමට ද ඇය කටයුතු කළාය. ඇගේ පාදයෙන් කොටසක් 2015 ජූනි මසදී ඉවත් කිරීමත් සමඟින් ඇය සියදිවිනසාගැනීමට උත්සහ කළ අවස්ථාවන් ගණනාවක් පැවතුණි.
මේ වනවිට 21 හැවිරිදි වියේ පසුවන ඇය සිය තුවාල කැළැල් ප්‍රසිද්ධියේ පෙන්වීමට තරම් ආත්ම විශ්වාසයෙන් යුතුව හිඳින්නීය. එපමණක්ම නොව සිය නග්න සිරුර පෙන්වමින් සිරුරේ කුමන අවලස්සනකම් තිබුණද සමාජයේ වෙසෙන පුද්ගලයන්ට සිරුර පිළිබඳ ආත්ම විශ්වාසය නංවාලමින් ජීවිතය ගැන නව බලාපොරොත්තුවක් සමාජයේ වෙසෙන එවැනි කොටස් තුළ ඇතිකරවීමට සමත් ඡායාරූප මාලාවකට ද ඇය පෙනී සිටියාය.
Balch, Alton Tower අනතුරෙන් බරපතල තුවාල ලැබූ පස්දෙනා අතුරින් එක් අයෙකුය. අනතුරට ලක්වූ මුල් කාලයේදී මට කිසිවකට සවන්දෙන්න වුවමනා වුණේ නැහැ. මගේ ජීවිතේ ආයේ කවදාවත්ම සතුටින් ගතකරන්න වත් මගේ ජීවිතේට ආදරේ කිරීමෙන් වත් කිසිම වැඩක් නැහැ ආයේ‘ අනතුරින් පසු ඇය විඳි දුක්ගැහැට පිළිබඳ සිහිපත් කරමින් Balch, Sunday People සමග අදහස් දක්වා තිබුණේ එලෙසිනි.
අනතුරින් පසු වසර එකහමාරක් ගතවූ පසු ඇගේ තුවාල කැළැල් මහත් ආඩම්බරයෙන් පෙන්වා සිටීමට තරම් ඇය නිර්භීත වූවාය. ඇය මෙලෙස සිය තුවාල කැළැල් පෙන්වූයේ නග්න ඡායාරූප මාලාවකට එක්වෙමිනි.
‘අපි මොනවගේද යන්න වැදගත් වෙන්නේ නැහැ. ඔබේ සුන්දරත්වය, හැමවිටම ආකර්ශණය දකින කවුරුහරි කෙනෙක් ඉඳීවි.‘Balch, ලැන්කැෂර්හි ප්‍රින්සිටන් සමීපයේ පිහිටි Grismargh හි ඉපදී හැදී වැඩුණු තැනැත්තියකි.
රෝලර් කොස්ටරයේ කොටසක් stationary රථයේ පිටුපස කොටසට කැඩී වැටෙන අවස්ථාවේදී ඇය පැයට සැතපුම් 50 ක වේගයෙන් ගමන් කළ රෝලර්කොස්ටරයේ පිටුපස සිටියාය. කඩා වැටුණු පෙට්ටියෙන් ඇගේ දිවි ගලවාගන්නට පැය හතරකටත් වැඩිකාලයක් පුරා රැඳී බලා සිටින්නට සිදුවිය. අංශක 45 ක කෝණයකට අඩි 25 කඋඩින් පිහිටි පෙට්ටියක ඔවුන් අසුන්ගෙන සිටි අතර ඉහළ පැවති යකඩ කොටස් පවා දැඩි ලෙස අලාභයට පත්වී තිබුණි.
Balch පවසන ආකාරයට ඇගේ දැන් තිබෙන සිරුරේ පෙනුම සැබෑවටම ඇගේ බාහිර රූපකාය ලෙස පිළිගැනීමට දැඩි අරගලයක් වී ඇත. එමෙන්ම, පෙම්
සබඳතා ඇතිකරගැනීම හා තරුණයින්ට ඇගේ නිරුවත බැලීමට ඉඩදීම පවා ඇය ප්‍රතික්ෂේප කර ඇත. ‘මේ අනතුර සිදුවෙන තෙක්ම මම පිරිමි ළමුන් ඇසුරු කරතිබුණා. නමුත්, මගේ සිරුර ගැන මා නොසතුටු වන අවස්ථාවකදී එවැනි ඇසුරකට ඉඩදීම අතිශය අසීරු වුණා.‘ Sunday People වෙත අදහස් දක්වමින්පැවසුවාය.
‘මම දැන් ඇත්තටම මගේ සිරුරට ආදරේ කරන හැටි ඉගෙනගෙන තියෙනවා.මගේ සිරුරට මොනාවුණත් දැන් මම මේ පෙනුමට ආදරේ කරනවා. මගේ සිරුරේ තැන් තැන්වල තියෙන කැළැල් මගේ අනතුරේදී ලැබූ ජයග්රහණයන් බව ඔවුන්ට පෙන්වලා ඔවුන්ගේ ආදරේ පිළිගන්නවා.‘ මීට දශක ගණනාවකට පෙර පෙම්වතුන් එකිනෙකා හා හමුවූ ආකාරයට බාර් එකකදී හමුවී ඇගේ ආදරය ප්‍රකාශය කිරීමට කැමති බව සිය විශ්වාසය වුවත් නූතන පරපුර එය කෙලෙස පිළිගනු ඇත්දැයි යන්න ඇය නොදන්නා බව පැවසුවාය. නමුත්, මේ අනතුරින් වසර එකහමාරක් ගතවූ විට ඇගේ සිරුරේ තිබෙන කැළැල් පිළිබඳ ආඩම්බරයක් දැනුණු බව ඇගේ අදහසයි. Balch පසුගිය වසරේදී කාන්තා යට ඇඳුම් නිෂ්පාදන වෙනුවෙන් වූ ඡායාරූප මාලාවකට ද පෙනී සිටියාය.
‘මම පාදයේ අඩක් පමණක් අහිමි වුණු සාමාන්‍ය පුද්ගලයෙක්‘ පසුගිය වසරේදී මැන්චෙස්ටර් හි Andrew Wood Photography මගින් ලබාගත් සිරුර පිළිබඳ ආත්ම විශ්වාසයෙන් යුතුව සිතන්නට ඉඩ ලබාදෙන ඇගේ ඡායාරූප නැවත සංස්කරණයට ලක්කිරීම ප්‍රතික්ෂේප කළ බව ඇය පවසන්නීය.
මේ ඡායාරූපයන්ට හොඳ ප්‍රතිචාර ද හිමිවූ බව ඇගේ අදහසයි. පිළිකාවකින් පීඩාවිඳි 18 හැවිරිදි තරුණියක් මේ ඡායාරූප අගය කරමින් ඇය සිය කැපුම් තුවාල පවා පෙන්වා තිබීම ‘විශිෂ්ඨ‘ බව ඇගේ අදහසයි.
Balch මේ මොහොතේ බලා සිටින්නේ ඇගේ හෙට දවස පිළිබඳවය. ‘මට වෙනසක් කරන්න ඕන‘. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තිබෙන බව ඇය පවසන්නීය.‘මා කවදාවත් මීට කලින් හිටි සැහැල්ලු කෙල්ල වෙන්නේ නැහැ. ඒත්, සමාජයේ අනෙක් පිරිස් ජීවිතය පිළිබඳ උනන්දු සහගත කරන්න තරම් මා දැන් ශක්තිමත්‘Sunday People වෙත අදහස් දක්වමින් ඇය අවසන් වශයෙන් පැවසුවාය.
පරිවර්ථනය වින්ද්‍යා ගම්ලත්
ඡායාරූප -ඩේලි මේල් ඇසුරෙනි