“කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළ 2020” එළඹෙන මාර්තුවේ
සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධාන කෙරෙන “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළ” මෙවරත් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව මිරර් ආට්ස් වෙත වාර්තා වෙනවා.
ඒ අනුව උලෙළ එළඹෙන මාර්තු මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා සිදු නියමිත බව යි සිනමාවේදිනි අනෝමා රාජකරුණා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් නිවේදනය කර සිටින්නේ.
කෙටි චිත්‍රපට අංශයෙන් ජාතික සහ අන්තර්ජාතික ලෙසින් තරග දෙකක් මෙවර පැවැත්වෙන අතර කාන්තාවන් සඳහා පමණක් විවෘත එම තරගයට 2018 ජනවාරි මාසයෙන් පසුව නිෂ්පාදිත කෙටි චිත්‍රපට යොමු කළ හැකි ය. ඒවා විනාඩි 30 ක උපරිමයකට යටත් විය යුතු ය.
අයදුම්පත් පෙබරවාරි 20 වැනිදා ට පෙර යොමු කළ යුතු අතර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට පණිවිඩයක් එවීමෙන් අයදුම්පත් ලබාගත හැකි ය.
දෙවැනි වරට සංවිධාන කෙරෙන “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” ඉදිරි කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දිගටම මිරර් ආට්ස් වෙබ් අඩවිය සමඟින් රැඳී සිටින්න.