“සන්ථව කාව්‍ය විචාර තරගය” මෙවරත්
අද්‍යතන ශ්‍රී ලාංකේය කාව්‍ය විචාරය වඩාත් අර්ථවත් කරනු වස් සන්ථව ප්‍රකාශන ආයතනය විසින් වාර්ෂික ව සංවිධානය කරන “සන්ථව කාව්‍ය විචාර සම්මාන තරගය” මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.
මෙම තරගය සඳහා පාසල් මට්මමෙන්, විශ්ව විද්‍යාල මට්ටමෙන් හෝ බාහිර ඕනෑම අයෙකුට විචාර ඉදිරිපත් කළ හැකි ය.
ඒ අනුව 2019 වසරේ ප්‍රකාශිත කාව්‍ය කෘතියක් තෝරාගෙන ඕනෑම විචාර පදනමකට අනුව විචාර ඉදිරිපත් කළ හැකි අතර පොයින්ට් 12 fm අභය ප්‍රමාණයෙන් යතුරු ලියනය කරන ලද තනි පැත්ත පිටු දහයකට නොවැඩි වන සේ විචාර ඉදිරිපත් කළ යුතුය. එක් විචාරයකින් පිටපත් 03 ක්, සම්බන්ධීකාර, සන්ථව කාව්‍ය විචාර සම්මාන 2020, 68 / 116, ඉසුරු මාවත, ගම්පහ පාර, යක්කල යන ලිපිනයට යොමු කළ යුතු වේ.
ඔබගේ පෞද්ගලික විස්තර සහ විචාරයේ මාතෘකාව සඳහන් වෙනම අයදුම් පත්‍රයක් විචාරය සමඟ ඉදිරිපත් කළ යුතුය. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි. හොඳම විචාරය සඳහා ”සන්ථව කාව්‍ය විචාර සම්මානය ̃ පිරිනැමෙන අතර ප්රශස්ත මට්ටමේ විචාර දහයක් උදෙසා වටිනා සහතික සහ තිළිණ පිරිනැමෙයි.
එම ජයග්‍රාහී විචාර සහ 2019 වර්ෂයේ ප්‍රකාශිත නූතන ම සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විචාර නිබන්ධනය කෘතියක් ලෙස ජනගත කිරීම එළඹෙන අගෝස්තුවේ කොළඹ දී පැවැත්වීමට නියමිත සම්මාන උත්සවයේ දී සිදු කෙරෙනු ඇත.
සියලුම විචාර 2020 ජුනි 30 වැනිදාට පෙර එවිය යුතු අතර වැඩි විස්තර, 076 2059581 අංකයට ඇමතීමෙන් ලබාගත හැකි ය.