සමාජයේ වෙසෙන HIV ආසාදිතයන්ගේ සැබෑ ජීවන තතු ඇසුරෙන් මේතාක් ඔවුන් විඳි අත්දැකීම් පදනම්කොටගෙන මෙම "මං නැතිදා" වාර්තාරූපී ඒකාංගික නාට්‍ය මාලාව හිරු ටිවී නිර්මාණය කරනු ලබයි. HIV ආසාදනය වීමට ප්‍රථමව එම පුද්ගලයන් තම පෞද්ගලික ජීවිතය ගත කළ ආකාරය, HIV ආසාදනය වීමට හේතුව, ආසාදනය වූ ආකාරය පිළිබඳව, ශාරීරික, මානසික අත්දැකීම් නාට්‍යරූපීව නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් මෙහිදී සිදුකෙරේ.
මෙම ආසාදිත පුද්ගලයන් වෙත සමාජයේ අවධානය, පිළිගැනීම ලබාදීමත්, AIDS රෝගයෙන් ආරකෂා වීම පිළිබඳ දැනුවත් කිරීමත් අරමුණු කොටගෙන බදාදා රාත්‍රී 10ට පුරා පැයක වැඩසටහනක් ලෙස මෙය ඉදිරිපත් කරනු ලබයි.
මං නැතිදා වාර්තාරූපී ඒකාංගික නාට්‍ය මාලාව ඉදිරිපත් කරනු ලබන්නේ සම්මානලාභී ජනප්‍රිය ප්‍රවීණ රංගනවේදිනියක් වන චාන්දනී සෙනෙවිරත්න විසිනි. ඇය එම HIV ආසාදිතයන් සමග ඔවුන්ගේ ජීවන තොරතුරු සංවේදීව විමසනු ලබයි. චාන්දනී සෙනෙවිරත්න ඉදිරියේ HIV ආසාදිතයන් හැඟීම්බරව තම ජීවිත කතාව ඉදිරිපත් කරද්දී එම කතාන්දරය තුළ ඇති සුවිශේෂී නාට්‍යමය අවස්ථා සංවේදී ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කර ඉදිරිපත් කරනු ලබයි.
ප්‍රවීණ නිළි චාන්දනී සෙනෙවිරත්නගේ සංවේදී ඉදිරිපත්කිරීම, නාට්‍යමය ප්‍රතිනිර්මාණය කිරීම්, සංවේදී පසුබිම් කථන, භාවමය පසුබිම් සංගීත ඛණ්ඩ භාවිත කරමින් මං නැතිදා වාර්තාරූපී ඒකාංගික නාට්‍ය (Docu Drama Series) නිර්මාණය වේ. විශේෂයෙන්ම මං නැතිදා වාර්තාරූපී ඒකාංගික නාට්‍ය මාලාව තුළින් සමාජය විසින් කොන් කරන ලද අවධානයට ලක්නොවූ HIV අසාදිත වූවන් වෙත සානුකම්පිතව අවධානය යොමු කරමින් HIV රෝගය ව්‍යාප්තිය වැළැක්වීම උදෙසා සමාජය දැනුවත් කිරීම සිදුකරයි.
මෙහි නිර්මාණ අධ්‍යක්ෂණය
- විරාජ් වැලිවත්ත සහ අරුණ ජයවර්ධන
අධ්‍යක්ෂණය
- සුරේෂ් ද අල්විස්
- සඳරුවන් තිලකරත්න
- පරාක්‍රම ඒකනායක
කැමරාකරණය
- ප්‍රියන්ත ප්‍රදීප්
සංස්කරණය
- තිලිණ උදයකුමාර
- හිරණ්‍ය ලසිත
ඉදිරිපත් කිරීම
- චාන්දනී සෙනවිරත්න
නිදුක් මදුෂික