“ඇවිලෙන සුලුයි”
චින්තන ධර්මදාසගේ සිනමා නිර්මාණයක් වන “ඇවිලෙන සුලුයි” මාර්තු 13 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
අධ්යක්ෂවරයාගේ තිර රචනයක් අනුව නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන්නේ සම්මානිත රංගන ශිල්පින් දෙදෙනකු වන සමනලී ෆොන්සේකා සහ ශ්‍යාම් ප්‍රනාන්දු විසිනි.
2018 දෙරණ සිනමා සම්මාන උලෙළේ දී හොඳම මතු බලපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂවරයාට හිමි සම්මානය “ඇවිලෙන සුලුයි” සිනමාපටය වෙනුවෙන් චින්තන ධර්මදාසට හිමිවිය.
“චිත්‍රපටියක් කියන්නෙම ඉවසීමේ මහා අභ්‍යාසයක්. අවුරුදු පහක් තිස්සෙ කොයිතරං අවුලන්න හැදුවත් ඇවිලෙන්න ඉඩක් ලැබුනෙම නෑ. තියාගෙන ඉඳලා ඉඳලා ගිනිඅගුරු නිමිලා යන්න ඔන්න මෙන්න තියෙන කොට මේ මාර්තුවෙ හුළගකින් ගින්න ඇවිලෙන්න පටන් ගන්නවා. මාර්තු 13 මාරාන්තික සිකුරාදාවෙ ඉඳන් ෆිල්ම් හෝල් ඇවිලෙන්න ගන්නවා. ඉවසීම ඉවරයි. මේ ගින්දරට කාලයයි. මෙච්චර කල් ගින්දර තියාගෙන බලාගෙන හිටපු හෘදයාංගම සහෝදරත්වයට ස්තුතියි.” - චින්තන ධර්මදාස