තමන් බලහත්කාරයෙන් රඳවා ගෙන, මත්කර, ලිංගික අතවර කළ බව ගායිකා “ඩෆී” හෙළි කර යි
ප්‍රහාරකයෙක් විසින් තමන් බලහත්කාරයෙන් රඳවා ගෙන, මත්කර, ලිංගික අපයෝජනයට ලක් කළ බව ග්‍රැමී සම්මානලාභී ගායන ශිල්පිනි “ඩෆී” හෙළි කර තිබේ.
35 හැවිරිදි ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ “සුවය ලැබීමට කලක් ගතවූ බව යි.”
“මා මත්කර, ලිංගික අතවරයට ලක් කර දින කිහිපයක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියා,” ඇය කියා සිටියා ය.
“මට එය විස්තර කරන්න අමාරුයි. ඔයාලා ගොඩක් දෙනෙක් මට වුණේ මොකක්ද කියලා හිතනවා ඇති, මම කොහෙට අතුරුදහන් වුණා ද? ඒ ඇයි කියලා. එක මාධ්‍යවේදියෙක් කොහොමහරි මා සම්බන්ධ කරගත්තා, ඔහු මට සම්බන්ධ වෙන්න මාර්ගයක් සොයාගෙන තිබුණා. ඉතින් පසුගිය ග්‍රීෂ්ම කාලයේ දී වෙච්ච සියලු දේ මම ඔහුට කිව්වා. ඔහු හරි කරුණාවන්තයි, ඒ වගේම අවසානයේ දී කතා කරන්න ලැබීම මට ලොකූ සහනයක් වුණා.”
“විශ්වාස කරන්න මම දැන් හොඳින් ඒ වගේම ආරක්ෂිත යි. මා මත්කර, ලිංගික අතවරයට ලක් කර දින කිහිපයක් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියා. ඔව්, මම එතැනින් බේරුණා. සුවය ලබන්න ටික කලක් ගියා. ඒක කියන්න වෙන පහසු ක්‍රමයක් නැහැ. ඒත් මට කියන්න පුළුවන් පසුගිය දශකයේ දී, මගේ ජිවිතයට නැවත වරක් හිරු පායන තුරු මම දින ගණනාවක් කල් මැරුවා. ඔව්, මගේ ජිවිතයේ හිරු දැන් නැවත බබලනවා.”