කොරෝනා නිසා “ලුවර්” වැසෙ යි
ප්‍රංශය තුල නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම නිසා පැරිසියේ ලූවර් කෞතුකාගාරය වසා තැබීමට තීරණය කර තිබේ.
ඉකුත් ඉරිදා දින කෞතුකාගාරය විවෘත නොකිරීමට, එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම පාහේ ඒකමතික තීරණයකට එළඹී බව වෘත්තීය සමිති නියෝජිතයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
“ලුවර් කියන්නේ දිනකට පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් බලාපොරොත්තුවෙන් සිටින සීමිත ඉඩකඩක් හිමි තැනක්,” යැයි වෘත්තීය සමිති නියෝජිත ක්‍රිස්ටියන් ගලානි පවසා ඇත.
ඒ අනුව, පසුගිය ඉරිදා කෞතුකාගාරය නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණි පිරිස වර්ෂාව මධ්‍යයේ පෝලිම් ගැසී බලා සිටි නමුත් කෞතුකාගාරය විවෘත නොකළ බව යි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම අවම කරගැනීම සඳහා 5000කට වැඩි පිරිසක් රැස්වන සියලු ගෘහස්ත ඒකරාශී වීම් තහනම් කිරීමට ප්‍රංශ රජය පසුගිය සෙනසුරාදා කටයුතු කරන ලදී.
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 100 දෙනෙක් මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර දෙදෙනෙක් මරණයට පත්වී තිබේ.