ඇමෙරිකානු පොප් තරුවක් වන මැඩෝනාගේ දිවියේ ලැබූ නව ජයග්රණයක් පසුගිය දිනයේ වාර්තා විය. ඒ ඇය ඉල්ලීම් කර තිබූ ආකාරයට ඇයගේ කැමැත්ත අනුව සිවු හැවිරිදි මලාවි ජාතික නිවුන් දරුවන් දරුකමට හදාගැනීමට අධිකරණයේ අවසරය හිමි වීමයි.
මේ වනවිටත් මලාවි ජාතික දරුවන් දෙදෙනෙකු ඇතුළු දරුවන් සිවු දෙනකු හදාවඩාගන්නා ඇය පසුගිය මාසයේ මලාවි දේශයේ අසරණ සරණ වැඩ කටයුතු උදෙසා කළ සංචාරයකින් අනතුරව ඇයට මෙම දරුවන් දරුකමට හදාගැනීමේ අදහස පැන නැගී ඇත.
ඒ අනුව ඇය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අධිකරණයෙන් මෙම අවසරය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
ඊස්ටර් සහ ස්ටෙලා නම්වන මෙම ගැහැනු දරුවන් දෙපළගේ මව 2012 දී මොවුන් දෙදෙනාට උපත ලබා දී, සිසේරියන් සැත්කමින් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මියගොස් ඇත.කෙසේ නමුත් මොවුන් හදාගැනීම සඳහා ඔවුනට ජීවත් වීමට සුදුසු නිවසක් ඇතුළු කොන්දේසි රැසක් මැඩෝනා විසින් පෙන්විය යුතු බවද වාර්තා වෙයි.